ආරක්ෂක සේවා මලල ක‍්‍රීඩා තරග හෙට සිට
හත් වැනි වරටත් පැවැත්වෙන ආරක්ෂක සේවා මලල ක‍්‍රීඩා තරගාවලිය හෙට (1 වැනිදා) සිට කොළඔ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට ආරක්ෂක සේවා මලල ක‍්‍රීඩා කමිටුව කටයුතු සංවිධානය කර ඇත. මෙම තරගාවලිය මේ මස 5 වැනිදා දක්වා පැවැත්වේ.
ත‍්‍රිවිධ හමුදා මලල ක‍්‍රීඩක ක‍්‍රීඩකාවන්ගේ දක්ෂතා එළිදැක්වීම සඳහා පවත්වනු ලබන මෙම තරගාවලියට යුද, නාවික සහ ගුවන් හමුදාවල ක‍්‍රීඩක ක‍්‍රීඩකාවෝ 400 කට ආසන්න ප‍්‍රමාණයක් තරග වැදීමට නියමිතය.
- 4012

