ආරක්ෂක ලේකම්ට කෝටි 25ක වන්දි
සන්ඩේ ලීඩර් පත්‍රයේ හිටපු කර්තෘ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් හා සන්ඩේ ලීඩර් පත්‍රය ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස කිරීමේ වරදට රුපියල් කෝටි 25ක වන්දි ගෙවිය යුතු යැයි ගල්කිස්ස දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය.
ඊට අමතරව ආරක්ෂක ලේකම්ට එරෙහි ද්වේශ සහගත වාර්තා හෝ ලිපි පළකිරීම වළක්වන ස්ථිර තහනම් නියෝගයක් ද, අදිකරණයෙන් නිකුත් කැරිණි.
මිග් යානා ගනුදෙනුවක් ගැන පළවූ ලිපියකින් පසුව ආරක්ෂක ලේකම්ට අපහාස වන ආකාරයේ ලිපි පළ කළැයි ෆෙඩ්රිකා ජෑන්ස්ට හා පුවත්පතට එරෙහිව මේ නඩුව පවරා තිබිණි.
ජනාධිපති නීතීඥ එම් යූ එම් අලිසන්ද්‍රි මහතා ආරක්ෂක ලේකම් වෙනුවෙන් පෙනී සිටියේය.

