ආරක්ෂක ලේකම් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ


(ඉන්දිකා රාමනායක)

ආරක්ෂක ලේකම්   විශ‍්‍රාමික මේජර් ජනරාල්  කමල් ගුණරත්න මහතා අද  (29)  පෙරවරුවේ  කොළඹ 7  බුලර්ස්   පටු මගේ පිහිටි  විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ  නිරීක්ෂණ චාරිකාවක  නිරත විය.
 
කමල් ගුණරත්න ආරක්ෂක මහතා ලේකම්වරයා වශයෙන් වැඩ බාර ගැනීමෙන් පසු විශේෂ කාර්ය බලකා මුලස්ථානය නිරීක්ෂණය කළ ප‍්‍රථම අවස්ථාව මෙයි විය.
 
එහිදී ආරක්ෂක ලේකම්වරයා   විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ  භටපිරිස්  ද ඇමතූහ.
 
ආරක්ෂක ලේකම්  කමල් ගුණරත්න මහතා විශේෂ කාර්ය බලකා මුලස්ථානයට පැමිණීම සිහිගන්වමින් විශේෂ කාර්ය බලකායේ අනදෙණ නිලධාරි නියෝජ්‍ය පොලිස්පති  ලයනල් ගුණතිලක මහතා ආරක්ෂක ලේකම්වරයාට සමරු තිළිණයක් ප‍්‍රධානය කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. වැඩබලන පොලිස්පති  චන්දන වික‍්‍රමරත්න මහතා ද ඡායාරූපයේ සිටියි.