ආරක්ෂක ඇමැති ඉන්දීය ආරක්ෂක නියෝජිත පිරිසක් සමඟ හමුවක්



මෙරට විශේෂ සංචරයක නිරත ඉන්දීය ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් සමඟ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (27) ආරක්ෂක අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක නිරතවිය.
 
මෙහිදී දෙරටේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළ වැදගත් කරුණු සහ අධ්‍යයන අවස්ථා සහ උපාය මාර්ගික සැලසුම් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
 
මෙම සාකච්ඡාව සඳහා ඉන්දීය දූත පිරිසේ ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් එස්.සී. මොහන්ටි මහතා කටයුතු කළේය.