ආයෝජක ගහෙන් බසී


කඩා වැටුණු ගොල්ඩන් කී සමාගමේ රුපියල් ලක්ෂ 305ක් තැන්පත් කළ බව කියන රඹුක්කන ශාන්ත නම් පුද්ගලයකු අලුත්කඩේ ප්‍රේමදාස පිළිරුව ඉදිරිපිට ඉපිල් ඉපිල් ගසක නැග විරෝධය පළ කරයි. තම ප්‍රශ්නය විසඳන තුරු ගසෙන් නොබසින බව අඩි 30ක් 40ක් මුදුනේ සිට ඔහු පොලිස් නිලධරයකුට කීවේය. මීට කලකට පෙර ඔහු කෑගල්ලේදී ද විරෝධතාවක් පැවැත්වීය. ගොල්ඩන් කී සියලු තැම්පත් කරුවන් වෙනුවෙන් මේ විරෝධය දක්වන බව ඔහු සඳහන් කරයි. ඔහුගේ දුක්ගැනවිල්ල රජයට ඉදිරිපත් කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවසීමෙන් පසුව ඔහු ගසෙන් බැස්සේය.