ආයුර්වේදයටත් හෙද සේවයක්


ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද හෙද ඩිප්ලෝමාධරයෝ අද (5) විසිරැ ගියහ. දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව, මහරගම නාවින්නේ ජාතික ආයතනයේ වසර එක හමාරක් ද, කඳාන හෙද විදුහලේ තෙවසරක පුහුණුවක් ද ලැබූ ඔවුහු ආයුරුවේද රෝහල්වල සේවයට යෙදාවනු ලබති.