( තිළිණි ද සිල්වා)
ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ පවතින ඇඳන්වලින් සියයට 48ක් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කිරීමට පියවර ගෙන ඇතැයි ආයුර්වේද දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ආයුර්වේද රෝහල් සමස්ත පද්ධතිය තුළ ඇඳන් 5,000 ක් පමණ පවතින බවත් , ඒ අනුව ආයුර්වේද රෝහල් වල ඇදන් එම ආසාදිත රෝගීණ්ට ප්‍රතිකාර සැලැස්වීම වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කළේ යැයි ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා සදහන් කළේය.
එහි මූලික පියවර වශයෙන් මේ වනවිට බොරැල්ල ආයුර්වේද රෝහළ ඇතුළු ආයුර්වේද රෝහල් 16ක් සංවර්ධන කර ඇඳන් 1,300ක් පමණ කොරෝනා රෝගීන් සදහා සූදානම් කර අවසන් බව ආයුර්වේද කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

