ආප්ප පිට්ටු සිංගප්පුරුවෙන්


( සංකල්ප - සිංගප්පුරුවේ සිට ) - "ස්පීක්  ඊසි" හෝටලේ තියෙන්නේ  සිංගප්පුරුවේ ජනාකීර්ණ වීදියකය . වෙනසකට, මෙහි  ඇත්තේ ශ්‍රී ලංකාවේ කෑමය.  මේ හෝටලයට වැඩිපුරම එන්නේ සිංගප්පුරුවේ ජීවත්වෙන යුරෝපීය ජාතිකයෝය. සිංගප්පුරුවේ ජීවත්වෙන විශ්වනාත් නම් ශ්‍රී ලංකිකයා මේ හෝටලයේ පාලකයාය. ආප්ප, පිට්ටු, ඉඳිඅප්ප පොල් රොටි, බනිස්, මාළු පාන් එලවළු රොටි වගේම ගොටුකොළ සම්බෝලෙටත් හොඳ ඉල්ලුමක් ඇත.