(විනීතා එම් ගමගේ)
ගංවතුරින් හා නාය යෑම්වලින් අවතැන් වු හා ආපදාවට ලක්වූ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ පවුල්වලට සහනාධාර ලබාදීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර ඇත.
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ විශාල පිරිසකගේ මැණීක් ඉල්ලම් යන්ත‍්‍ර සූත‍්‍ර මෙන්ම නිවාස ද ගංවතුරට හසුවී විනාශ වී ඇති නිසා මැණික් කරමාන්තය යළි යථා තත්ත්වයට ගෙන ඒමේ අරමුණින් මෙම තීරණය ගත් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඒ. ජී. බී. වන්නිනායක මහතා ලංකාදීපයට පැවසීය.
මෙසේ සහනාධාර අවශ්‍ය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් කොළඹ ප‍්‍රධාන කාර්යාලයට හෝ රත්නපුර, නාඋල, මොනරාගල , මාතර , ඇහැලියගොඩ හා ගාල්ල යන ප‍්‍රාදේශිය කාර්යාලවලින් එකකට තම තොරතුරු ලබා දෙන්නැයි ද ඒ මහතා ඉල්ලා සිටියේය.

