ආපදාවකදී අවතැන්වන්නන්ට වැඩි මුදලක් වෙන් කෙරේ


(ඩයනා උදයංගනී)

ආපදාවකදී අවතැන් වන්නන් වෙනුවෙන් ආහාර ලබාදීමට වෙන් කරන මුදල් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව අවතැන්වූවන්ට පිසූ ආහාර ලබාදීමේදී එක් අයෙකු වෙනුවෙන් මෙතෙක් වෙන් කළ රුපියල් 225ක.මුදල රුපියල් 300ක් දක්වා ඉහළ නංවන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

වියළි ආහාර සලාක වෙනුවෙන් වෙන්කරන මුදල්ද ඉහළ නංවා ඇති අතර එක් සාමාජිකයකු සිටින පවුලක් වෙනුවෙන් මෙතෙක් වෙන් කළ රුපියල් 700ක මුදල 900ක් දක්වාත්, දෙදෙනෙකු සිටින පවුලකට ලබාදුන් රුපියල් 900ක මුදල 1200ක් දක්වාත්, තිදෙනෙකු සිටින පවුලකට දුන් රුපියල් 1100ක මුදල 1400 දක්වාත්, සිව්දෙනෙකු සිටින පවුලකට රුපියල් 1300 සිට 1600 දක්වාත් සහ පස් දෙනෙකු සිටින පවුලකට රැපියල් 1500 සිට 1800 දක්වාත් වශයෙන් එම ප්‍රමාණයන් වැඩි කර තිබේ.