ආපදා පෙදෙස්වල උසස් පෙළ සිසුන්ට නොමිලේ ප්‍රශ්නපත්‍ර කට්ටලයක්


(රංජන් කස්තුරි)

ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලයක් නොමිලේ දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසීය.
එම ප්‍රශ්න පත්‍ර පොතක් ලෙස මුද්‍රණය කර දැනටමත් කලාප අධ්‍යාපන කාර්යාලවලට බෙදා හැර තිබෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීවේය.