ආපදා නොවූ පාසල් වසා දැමූවාදැයි සොයයි


(නිමල් අල්ගෙවත්ත සහ අමල් වික්‍රමරත්න)

දකුණු පළාතේ ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවල පාසල් අද(29) නිවාඩු දීම සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ නිකුත් කරන ලද නිවේදනයට පරිභාහිරව නිවාඩු ලබා දුන් පාසල්වල විදුහල්පතිවරුන් නිදහසට කරුණු දැක්විය යුතු බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි. වික්‍රමසිරි මහතා පවසයි.

28 වැනි දා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය අනුව ආපදාවන්ට ලක් වු ප්‍රදේශ වල පමණක් පාසල් නොපැවැත්වෙන බව නිවේදනය කළ බවත් ඒ අනුව ආපදාවන්ට ලක් නොවු ප්‍රදේශවල කිසියම් පාසලක් මෙසේ නොපවත්වා ඇත්නම් ඒ සම්බන්ධයෙන් අදාළ විදුහල්පතිවරුන් හේතු දැක්විය යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.