ආපදා නිසා ඉන්ධනහල් 23ක් අක්‍රියයි


(මහින්ද නිශෟශංක)
 

ආපදා තත්ත්වය හේතුවෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 23ක් අද(30) වනවිට අක්‍රියව ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

එම පිරවුම්හල් වලින් 11ක් දකුණු පළාතේ බවත් 7ක් බස්නාහිර හා 5ක් සබරගමුවට අයත් බවත් එම ඒකකය කියයි. 

ආපදාවට පත් කිසියම් ප්‍රදේශයක ඉන්ධන හිඟයක් හෝ බෙදාහැරීමේ ගැටලුවක් ඇත්නම් 0775030222 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.