ආපදා කළමනාකරණය වෙනුවෙන් යාන්ත්‍රණයක් අවශ්‍යයි - කථානායක


(ආරියරත්න රණබාහු)

දිස්ත්‍රික්ක 8කට ආපදා නිසා සිදුවූ ඛේදවාචකය වැනි සිදුවීම්වලට මුහුණ දීම ආපදා කළමනාකරණය වෙනුවෙන් යෝග්‍ය යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව කථානායක කරු ජයසූරිය මහතා අද(6) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ අතර ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව තීරණය කර ඇතැයි ද කථානායකවරයා කීවේය. එහි ඇතුළත් ‘අභ්‍යන්තර වශයෙන් අවතැන්වූ තැනැත්තා‘ යන්නෙහි නිර්වචනය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් පරිදි සංශෝධනය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි ද ඔහු කීය.

මේ අතර පාහියන්ගල ලෙන් පිහිටි භූමියේ නාය යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි ප්‍රකාශ වූ ස්ථාන සංරක්ෂණය කිරීමේ කටයුතු ඊට අදාළව කැඳවූ බහු විෂය වාර්තාව ලැබීමෙන් පසු ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.