ආනයනික ලොකු ලූනුවලට රුපියල් 40ක බද්දක්


(අජන්ත කුමාර අගලකඩ)

ආනයනික ලොකු ලූනු සඳහා කිලෝවකට රුපියල් 40ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට රජය තීරණය කර ඇත .

ඒ සඳහා ඊයේ රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ .

දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළෙඳ පොළට ලැබෙමින් පවතින බැවින්, ලොකු ලූනු ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස රජය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත

දඹුල්ල ඇතුළු ප්‍රදේශවල ලොකු ලූනු අස්වැන්න නෙළමින් පවතින බැවින්, ආනයනික ලොකු ලූනු සඳහා බද්දක් පනවන්නැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාද රජයෙන් පසුගියදා ඉල්ලීමක් කළේ ය .