ආනඳ සිසුවා මළේ උදරය තදවීමෙන්


ක්‍රිකට් පිටිය තැලීම සඳහා ගෙන ආ  ගල් රෝලට හසු  වී මිය ගිය කොළඹ ආනන්ද විද්‍යාලයයේ  සිනෙත් විජේසිංහ (08) සිසුවා අද උදේ 7.30 ට  රෝහලට ගෙන එන විටත් හුස්ම නොවැටුණු බවත්  වෛද්‍යවරුන් සෑහෙන වේලාවක් ඔහුගේ හෘද ස්පන්දනය ලබා ගැනීමට සෑගෙන වෙහෙසක් ගත් බවත් කොළඹ ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ කියයි.

ගල්රෝලේ හැඩලයට උදරය තැලීමෙන් මරණය සිදුවී ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේ  නිගමනය විය. ඔහුගේ උදරය ගල්රෝලටත්, බිත්තියටත් තෙරපී ඇතැයි ද එහිදී කියැවිණි.

උදෑසන ළමයින් ක්‍රිඩා කරමින් සිටියදී හතර වසරේ මේ සිසුවා  අතින් තල්ලු කරන ගල් රෝල හා බිත්තියක් අතර සිර වී ඇති බවත්  ගල් රෝල එතැන ඇති බෑවුමට ඇදී ගොස් ඇති බවත පෙනෙන්නට ඇතැයි මරදාන පොලීසිය සඳහන් කළේය.