ආනන්ද සිසුවා සපත්තු දෙකෙන් බේරේ


පාසල් වේලාවේ දී කොළඹ ආනන්ද විද්‍යාලයයේ දෙවැනි වසර සිසුවකුට විදුලි සැර වැදීම සම්බන්ධයෙන් ගුරු සංගම් නායකයකු කළ පැමිණිල්ලක් ගැන විමර්ශනය කිරීමට ළමා රක්ෂණ අධිකාරිය    අද රිජ්වේ ආර්යා ළමා රෝහලට ගිය බව එහි ආරංචි මාර්ග කියයි.

විදුලිය විසන්ධි නොකළ අබලන් ස්විච් පුවරුවක් අතපත ගාද්දී ඔහුට විදුලි සැර වැදී ඇත.

ඔහු සපත්තු පැළඳ සිටි නිසා ජීවිතය බේරී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි. දරුවා රෝහලේ පිලිස්සුම් ප්‍රතිකාර ලබයි.

මේ පැමිණිල්ල කර ඇත්තේ ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ජගත් ආනන්ද මහතා විසිනි.