ආනන්ද පුතාගේ සැත්කමට උදව් ඉල්ලයි


කොළඹ ආනන්ද විද්‍යාලයයේ 9 වැනි ශ්‍රේණීයේ ඉගෙනුම ලබන ගීතක උත්සර මාහින්කන්ද ශිෂ්‍යයා බරපතල ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පීඩා විඳිමින් සිටී.

අනඳ සිසුවා සුව පත් කර ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ත ප්‍රාන්තයේ  ජාත්‍යන්තර රෝහලක ඇට මිඳුලු බද්ධයක් කළ යුතු  බවට විශේෂඥ වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මිය නිර්දේශ කර තිබේ .ඒ සඳහා වැය වෙතියි අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ දෙසීයකි.

ගීතක උත්සර මාහින්කන්ද පුතණුවන් සුවපත් කැර ගැනීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදී ආනන්දීය ශත සංවත්සර කණ්ඩායම කොමර්ෂල් බැංකුවේ මරදාන ශඛාවේ  අංක 8320029723 දරණ ගිණුම ආරම්භ කර ඇත.(ස්විෆ්ට් කෝඩ් : CCEYLKLXXXX)

පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමණාකරුවකු වන දරුවාගේ පියා වන්දිත මාහින්කන්දට එම මුදල සොයා ගැනීම ඉතාම දුෂ්කර කාර්යයක් බව  ආදී ආනන්දිය ශත සංවත්සර කණ්ඩායම කියයි. පියාගේ  දුරකතන අංකය 077-7897800.

ananda