ආනන්ද දසනායක කළුරිය කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු, වෘත්තීය සමිති නායකයකු, දකුණු හා ඌව ආණ්ඩුකාරවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ ආනන්ද දසනායක මහතා (93) මහනුවර මහා රෝහලේ දී අභාවප්‍රාප්ත විය. කොත්මලේ කොටගේපිටියේ උපන් ඔහු ගුරුවරයෙක් විය. දේහය ගම්පොළ සිංහපිටිය නිවසේ තබා ඇත. අවමඟුල ලබන 11 වැනි දා ගම්පොළ පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිතය.

