ආධුනික කොස්තාපල්ගේ සිරුර වැලිසිකිලියේ එල්ලෙයි


(නිමන්ති රණසිංහ )

මෝදර පොලිසියේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකුගේ  සිරුරක් පොලිස් බැරක්කයේ වැසිකිලිය තුළ ල්ලෙමින් තිබියදී සොයාගත් බව පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල රාගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකි.මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා ලිපියක් ලියා තබා ඇතැයිද පොලිසිය පවසයි.

මොහු පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව නිම කළ කර ඇත්තේ ඉකුත් මාර්තු මස 15 වැනිදා වන අතර මෝදර පොලිසියට සේවයට පැමිණ ඇත්තේ අගෝස්තු මස 12 වැනි දා බවද සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය  අද (10) මෝදර පොලිසියට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර මරණකරුගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීම සිදු කිරීම සඳහා අවසර ලබා දුන්නා ය.

මේ වන විට මරණකරුගේ දේහය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා කටයුතු කරමින් ඇතැයි ද ඇතැයිද මෝදර පොලිසිය පවසයි.