ආදිවාසී නායක උසාවි කැඳවයි


වනජිවී නිලධාරින්ට පහරදී ඔවුන් භාරයේ සිටි සැකකාර ආදිවාසියකු සහ එම සැකකරු සන්තකයේ තිබු ගිනි අවියක් පැහැරගෙන යාම සම්බන්‍ධව සැකකරන ආදිවාසිනායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට,  ඔහුගේ පුත් ඌරුවරිගේ මුතුබණ්ඩා සහ ඌරුවරිගේ ගුණතිලක යන තිදෙනාට මේ මස 21 දින මහියංගන මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස මහියංගන වැඩබලන මහේස්ත‍්‍රාත් එස්. ගෝවින්ද මහතා අද නියෝග කළේය. මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුල සතුන් දඩයමේ යෙදි සිටි දඹාන හිදංගලයාය පාසල ඉදිරිපිට පදිංචි ඌරුවරිගේ පුංචිබණ්ඩා හෙවත් අතබැරි කිරියා යන ආදිවාසියා මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුලදී ගල්කඩ උද්‍යාන පිවිසුම් කාර්යාලයේ නිලධාරින් විසින්  15දා රාත‍්‍රී අත්අඩංගුවට ගනු ලැබීය. වනජිවී නිලධාරීන් විසින් සැකකරු උල්හිටිය කාර්යාලයට රැගෙනයාමට ජිප්රියට නංවද්දී ආදිවාසී නායක  වන්නිලා ඇත්තන් ඇතුලූ ආදිවාසීන් කණ්ඩායමක් රාත‍්‍රී දහයට පමණ එතැනට පැමිණ වනජිවී නිලධාරින්ට පහරදී සැකකාර පුංචිබන්ඩා සහ ඔහුගේ තුවක්කුව ද පැහැරගෙන ගිය බව මාදුරුඔය ජාතික වනෝද්‍යාන භාරකරු ඒ. ටී. ආර්. රවීන්‍ද්‍ර කුමාර මහතා අධිකරණයට කරුනු දැන්වීය.