ආදිවාසියා දඩයමේ ගිහින් දඩ කයි
බලපත් නැති ගිනි අවියක් තබා ගත් දඹානේ ඌරුවරිගේ පුංචි බණ්ඩා හෙවත් ”අත බැරි කිරියා”ට මහියංගන වැඩබලන මහේස්ත‍්‍රාත් වයි.බී. අබේරත්න මහතා රුපියල් පන්දහසක දඩයක් නියම කළේය. මාදුරුඔය වනෝද්‍යානයේදී අත්අඩංගුවට ගත් ඔහු බේරා ගැනීමට ආ ආදිවාසි නායකයා සහ ඔහු පුත‍්‍රයකු වන ජීවි නිලධාරීන්ට පහරදි සැකකරු හා තුවක්කුවද පැහැරගෙන ගිය බව වනජීවී නිලධරයෝ අධිකරණයට කීහ. ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් හා ඔහුගේ පුත් ඌරුවරිගේ මුතු බණ්ඩාද ඌරු වරිගේ ගුණතිලක හා ඌරු වරිගේ පුංචි බණ්ඩා ඇප මත මුදා හරිනු ලැබ සිටිති. මේ සිද්ධියෙන් වනජීවී නිලධරයෝ දෙදෙනෙක් තුවාල ලදහ.

