ආණ්ඩුවෙන් යනවාද නැතිද තීරණය කරන කාලයක්


(ඩයනා උදයංගනී)

සම්මුතිවාදී ආණ්ඩුවේ කාලය දෙසැම්බර් මාසයෙන් අවසන් වන බැවින් ඉදිරි මාස දෙක තුන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඉතා වැදගත් වන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

“පක්‍ෂ මධ්‍යම කාරක සභාව රැස්වී පසුගිය කාලයේ සිදුවූ කටයුතු සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් කර අවුරුදු දෙකෙන් පසු එළියට බසිනවාද ඉදිරියට යනවාද යන්න තීරණය කිරීමට මේ කාලය වැදගත්“ යැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

තමන්ගේ පෞද්ගලික අදහස වන්නේ ගත වූ වසර දෙක තුළ සිදුවූ කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව යැයි ද පෙරේරා මහතා කියයි.

රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(ඡායාරූපය ඉෂාන් සංජීව)