ආණ්ඩුව දෙමළ මන්ත‍්‍රී බිලිබාන්න හදනවා


නැගෙනහිර පළාත් සභාවේ බලය ගැනීම සඳහා රජය විවිධ වරප‍්‍රසාද දී දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීන් ආණ්ඩුවට ගැනීමේ උත්සාහයක් ඇති බවත් ඊට අසුනොවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් සංධාන නායක ආර්. සම්බන්දන් මන්ත‍්‍රීවරයා ඔවුන්ට පැවැසීය. තේරීපත්වූ මන්ත‍්‍රී 11 දෙනා තම නිවෙසට කැඳවූ සම්බන්දන් මහතා කීවේ විපක්‍ෂයට එහි පාලනය කළ හැකි බවට විශ්වාසයක් පවතින බවයි.