(තරිඳු ජයවර්ධන)
ආගම් අතර අසමගිය ඇතිවන ප්‍රකාශක කළැයි ලැබී ඇති පැමිණිලි 21 ක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි, රිෂාඩ් බදියුදීන් මහතා සහ එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිසකට විරුද්ධවද පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මේ අතර මැයි 14 වැනිදා සිට ජූනි 20 දක්වා පහරදීමේ සිද්ධීන් 14ක් වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සැකපිට 15 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු පැවසීය.

