අ’පුර මුල් වකුගඩු සැත්කම සාර්ථකයි


අනුරාධපුර රෝහලේ පළමු වකුගඩු සැත්කම සාර්ථක වූ බව රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව්. අතපත්තු කියයි. තඹුත්තේගම රාජාංගනයේ ආර්.ඞී.එල්. ඉරේෂා (24)මහත්මියට එම සැත්කම සඳහා වකුගඩුව ලබා ගැනුනේ රිය අනතුරකින් තුවාල ලබා මියගිය අජිත් (18) නම් තරුණයෙකුගෙනි. ඔහුගේ මවුපියන්ගේ කැමැත්ත අනුව වකුගඩුව පිරිනැමිණි. ඔහු ගලෙන්බිඳුනුවැව උල්පත්ගම පදිංචිව සිටියේය. ඔහුගේ අනෙක් වකුගඩුව මහනුවර රෝහලේ රෝගියකුට බද්ධ කැරිණි. ඡායාරූප අතුල බණ්ඩාර