අ’පුර පෝස්ටර් නීතිය විපක්‍ෂයට පමණලූ


උතුරුමැද පළාත් සභා අපේක්‍ෂයන්ගේ වාහන හැර සෙසු වාහන වල ප‍්‍රදර්ශනය කර ඇති මැතිවරණ පෝස්ටර්, ස්ටිකර් සහ බැනර් පොලිස් මාර්ග බධක වලදී වහාම ඉවත්කරන ලෙස අනුරාධපුර  කොට්ඨාසභාර පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න මහතා අනුරාධපුර දිසාවේ සහකාර පොලිස් අදිකාරීවරුනට සහ පොලිස් ස්ථානාධිපතිවරුනට දැන්වීය. එක්සත් ජාතික පක්‍ෂ අනුරාධපුර දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක  කිත්සිරි අනුරාධනායක මහතා පැවසුවේ පොලිසිය පෝස්ටර් ගලවන්නේ විපක්‍ෂ අපේක්‍ෂිකයින්ගේ සහ සන්ධානයේ සාමාන්‍ය අපේක්‍ෂකයින්ගේ පමණක් බවයි. සන්ධානයේ ප‍්‍රබල අපේක්‍ෂකයින්ගේ පෝස්ටර් ගලවනනේ නැති බවද ඔහු කියයි. පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න මහතා පැවසුවේ යම් පොලිස් නිලධාරියකු පෝස්ටර් ඉවත් කිරීමේ රාජකාරිය පැහැර හැරියොත් ඔහුට එරෙහිව දැඩි පියවර  ගන්නා බවයි.