අ‘පුර රෝහල් පල්දෝරුව මල්වතු ඔයට උතුරයි


අනුරාධපුර රෝහලේ මහාචාර්ය වෛද්‍ය සංකීර්ණයේ අපද්‍රව්‍ය දින කිහිපයක් තිස්සේ මල්වතු ඔයට මුදාහරිතියි ප්‍රදේශවාසීහු කියති. එහි පල්දෝරු පද්ධතිය හිරවී අපද්‍රව්‍ය පොන්නාරම්කුලම් වැවටත් මල්වතුඔයටත් වැටෙතියි ද එමගින් මහා පරිසර හානියක් කරතියි ඔවුහු පවසති. රෝහල් අධ්‍යක්ෂිකා අයන්ති එස්. කරුණාරත්න මහත්මිය පැවැසුයේ පල්දෝරු පද්ධතිය පිළිසකර කිරීමට පියවර ගන්නා බවයි.