අ‘පුර රදගුරු දොස්තර ප‍්‍රහාරය හෙළා දකී


අනුරාධපුර රෝහලේ දොස්තර චමිල හේරත්ට අමානුෂික ලෙස පහරදීම ගැන අතිශයින් කනගාටුවන බවත් එම ම්ලේච්ඡ ප‍්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බවත් වෛද්‍යවරයාට ඉක්මන් සුවය පතන බවත් නෝබට් අන්ද්‍රාදි අනුරාධපුර රදගුරුතුමෝ නිවේදෙනයක් නිකුත් කරමින් පවසති. රජයේ හා ආරක්‍ෂක අංශවලින් එම වෛද්‍යවරයාට සාධාරණය ඉටු කැර දෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තුවන බවද රදගුරු හිමියෝ පවසති.