අෆ්රීඩි - මැකලම් ආපසු ගෙදර යති
එස්. එල්. පි. එල්. තරගාවලියේදී රුහුණ රෝයල් පිල නියෝජනය කළ පාකිස්තානු තුන් ඉරියව් ක‍්‍රීඩක සහිඩ් අෆ්රිඩි සිය බිරිද රෝහල්ගත කර ඇති බැවින් තරගාවලියෙන් ඉවත්ව සියරට බලා ගිය බව එස්. එල්. පී. එල්. තරගාවලියේ ප‍්‍රධාන විධායක නිලධාරී සන්දීප් බාමර් මහතා පවසයි.
නවසීලන්ත තුන් ඉරියව් ක‍්‍රීඩක නේතන් මැකලම් ද සිය බිරිඳ දරුඋපතකට සූදානම් වන නිසා නැවත සිය රට ගිය බව සන්දීප් භාමර් මහතා පවසයි.
එස්.එල්.පී.එල්. තරගාවලියේ තරග තුනකදී අෆ්රිඩි කඩුලූ 2 ක් දවාගත් අතර වැඩිම ඉනිම ලෙස ලකුණු 36 ක් රැස්කළේය.
ඉන්දියාවේදී ඊයේ (23) ආරම්භ වූ ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වීමට නවසීලන්ත කඩුලූ ක‍්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් පිටත්ව ගොස් තිබේ.

