(ශිරාන් රණසිංහ)
මිනිස් සිරුරට අහිතකර පලතුරු වෙළෙඳ පොළට මුදාහරින වෙළෙදන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
එතනෝල් වැනි රසායනික වර්ග භාවිතා නොකරන ලෙසට දිගින් දිගටම වෙළදුන් දැනුම්වත් කළ බවද හෙතෙම කියා සිටියේය.
පලතුරු ඉදවීම සඳහා කුටීර විශේෂයක් හදුන්වා දී ඇතැයි ද ගෑස් මගින් ක්‍රියාත්මක එම ක්‍රමය මගින් පැසුන පලතුරු පමණක් ඉදෙන බවද හෙතෙම පැවැසීය.
දෙමුහුන් බීජ වර්ග මෙරටට හදුන්වා දී ඇත්තේ වැඩි ඵලදාව සහ ඉක්මනින් අස්වනු ලබා ගැනීමට බවත් රෙඩ් ලේඩි වැනි පැපොල් වර්ග විදේශ වෙළඳ පොල ඉලක්ක කොට වගාකරන පැපොල් විශේෂයක් යැයි ද කියා සිටියේය.
ඒ අනුව ආනයන කරන පලතුරු මෙන්ම දේශීය වෙළඳ පොළේ පලතුරු වල සාම්පල් පරික්ෂා කොට මිනිස් සිරුරට අහිතකර නම් එම පලතුරු වෙළඳ පොළෙන් ඉවත් කර ඒවා වෙළෙඳ පොළට මුදාහරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද හෙතෙම තවදුරටත් පැවැසීය.