අහසේ අවදානම ඉවරයි


ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ වර්ධනය වූ ගැඹුරු පීඩන අවපාතය දැන් දුර්වල වී දිවයිනෙන් ඈත්ව යමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය වායුගොලීය කැළඹිලි ස්වභායක් බවට පත්ව ඇතැයි ද දැඩි සුළං සහිත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් යන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඊසාන දිග මෝසම් සක්‍රියව පවතින බැවින් දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත් වලට ද විටින් විට වැසි ඇතිවන බවත්, රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම හා දකුණේ ඇතැම් ස්ථානවල ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.