අසෝකෙ ළඟ කලබලයක්


මරදාන අශෝක විද්‍යාලයයේ පරිපාලනයට විරෝධය පළ කරමින් සිසුහු අද රතිඤ්ඤා පත්තු කළහ.

පාසලේ ඇතිවූ නොසන්සුන්තාව මැද විදුහල්පති පිටවී ගිය බව පාසල් ආරංචි කියයි.

පාසලේ ආරක්ෂාවට පොලිසිය කැඳවා ඇත.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අශෝකය වෙත එල්ල වූ දේශපාලන බලහත්කරකම මත පාසල අගාධයට යන බවයි.

(ඡායාරූප සහ වීඩියෝ අමිල දර්ශන)