අසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වෙයි


ලබන (ජුනි) 9 වැනිදා සිට කෙළඹදී පැවැත් විමට නියමිතව තිබු ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය ශ්‍රී ලංකාවේදී නොපැවැත් වීමට අන්තර්ජාතික අසියානු මලල කී‍්‍රඩා සංගමය අද තීරණය කළේය. මෙම තීරණයට හේතු ලෙස වාර්තා වන්නේ පසුගියදා තෝරාපත් කර ගන්නා ලද ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නව නිලධාරි මණ්ඩලය අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමය විසින් පිළි නොගැනිමත්, තරගාවලියට අවශ්‍ය පහසුකම් කල්වෙලා ඇතුව සුදානම් නොකීරිමත් බව දැන ගන්නට ඇත.