අසාද් සාලිට අභියෝගයක්


නුගේගොඩදී ලබන 18 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් සංවිධානය කිරීමට නියමිත රැස්වීමට 5000 කට වඩා අඩු පිරිසක් පැමිණියහොත් තමා ඉල්ලා අස්වන බවත් ඊට වැඩි පිරිසක් පැමිණියහොත් අසාද් සාලි ඉල්ලා අස්විය යුතු යැයි ද මහජන එක්සත් පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී  සලෝචන ගමගේ මහතා අද (16) අභියෝග කළේය.

මීට පෙර අසාද් සාලි මන්ත්‍රීවරයා එම රැස්වීමට 5000 ක පිරිසක් ගෙනත් පෙන්වන්න යැයි අභියෝගයක් කර තිබුණි.

එම රැස්වීම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා මහරගම පොළ භූමියේ අත් පත්‍රිකා බෙදීමකට එක්වෙමින් සලෝචන ගමගේ මහතා මෙම අභියෝගය කළේය.