අසාද් සාලි යළි රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා ලබන 14 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය අද (31) නියෝග කළාය.

තස්ත්‍රවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන මාස හයක කාලයක් රැඳවුම් නියෝග මත ලබා රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි අසාත් සාලි මහතාව අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉකුත් 17 වැනිදාය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන්ව නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමට අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය .