(තිළිණි ද සිල්වා)
අසර්බයිජාන්හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ මෘතදේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ පිළිබඳව ටෙහෙරාන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අසර්බයිජාන් රජය විසින් දැනුම් දී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
කෙසේ වෙතත් මෘත දේහයන් මෙරටට ගෙන්වන දිනය සම්බන්ධයෙන් අසර්බයිජාන් රජය මේ දක්වාත් නිශ්චිත තොරතුරු ලබාදී නොමැති බව ද විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.
ශිෂ්‍යාවන් තිදෙනාගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ටෙහෙරාන් හි පිහිටි මෙරට තානාපති කාර්යාලය විසින් අසර්බයිජාන් රජය සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේය.
අසර්බයිජාන්හි බාකු අගනුවර කැස්ෆියන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි මෙරට ශිෂ්‍යාවන් තිදෙනෙකු විෂ දුමක් ආඝ්‍රහණය වීමෙන් පසුගිය 9 වැනිදා ජිවිත්ක්ෂයට පත් විය.
එම ශිෂ්‍යාවන් නැවතී සිටි නේවාසිකාගාරයේ පහත මාලයේ හටගත් ගින්නකින් පසු එහි දුම ආඝ්‍රහණය වීමෙන් අසාමිකතාවක් මත ශිෂ්‍යාවන් තිදෙනා රෝහල් ගතකර ඇති අතර එහිදී ඔවුන් මියගොස් තිබිණි.
කඩුවෙල සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි ශිෂ්‍යාවන් තිදෙනෙකු සිද්ධියෙන් මියගියේය. මොවුන් වයස අවුරුදු 21, 23 සහ 25 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු බව වාර්තා වෙයි.

