අශෝබන වැඩේ වහන්න අයිපී අශෝබන වැඩක් කරයි


කොළඹ කොටුව දුම්රිය පොළේදී අශෝබන ලෙස හැසිරුණු ඉංජිනේරුවරයකුට නඩු නොපැවරීම නිසා රුපියල් හැත්තෑපන්දහසක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් දොළොස් දහසක් දින කිහිපයකට පෙර ගත් බව කියන කොටුව පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පොලිස් පරීක්ෂකවරයෙක්  අද ඉතිරි මුදල වන රුපියල් හැටතුන්දහස ලබා ගනිද්දී අල්ලස් හෝ දුෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.