අවුරුදු දහයෙදි උපාධිය


වයස අවුරුදු දහයක දැරියක මෙක්සිකෝවේ මොන්ටිරේ සරසවියෙන් මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් දිනාගත් බව මෙක්සිකෝ ෆෝරෝ රූපවාහිනිය කියයි. ඩැෆ්නි ඇල්මැසන් අමායා දැරිය අවුරුදු හතරේදී අපොස සාපෙළ හා අනතුරුව උසස් ළෙ විභාගයද ඉතා ඉහළින් සමත් වූවාය. ඇගේ වැඩිමල් සොයාරිය වන ඩෙලනි(14) ලාබාල වයසසේදීම එම සරසවියෙන් මනෝවිද්‍යාවේදී උපාධිය දිනා ගත්තාය. ඔවුන් දෙදෙනාගේම වැඩිමහල් සොහොයුරා වන ඇන්ඩ්රූ(18) මනෝ වෛද්‍යවරයෙකි. ඔහුද වයස අවුරුදු 16දී ඉතා ඉහළින් උපාධිය සමත් වීය. ඉදිරියේදී විශේෂඥ වෛද්‍යවරයකු වීමට ඇන්ඩ්‍රරු දැන් ඊළඟ විභාගයට සූදානම් වේ.