අවුරුදු උදාවේදී අනතුරු වලින් පුද්ගලයින් 480ක් ජාතික රෝහලේ


(ඉන්දිකා රාමනායක)

2020 නව වසර උදාවත් සමඟ  30  වැනි දින රාති‍්‍රයේ  හා 31 යන දෙදින තුළ   විවිධ අනතුරු හේතුවෙන්  පුද්ගලයන් 480 දෙනකු  කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කර ඇති බව  කොළඹ ජාතික රෝහල පවසයි.

මින් 220 දෙනෙකු  31 දින රාති‍්‍රයේ අලූත් අවුරුදු  උදාවීමත් සමග රෝහල් ගතකර ඇති බවද  කොළඹ  ජාතික රෝහලේ ප‍්‍රකාශිකාවක් සදහන් කළාය.

ඇතුළත් වු සමස්ථ පිරිසෙන්  156 දෙනකු තවමත් නේවාසික ප‍්‍රතිකාර ලබන බවද එම ප‍්‍රකාශිකාව සදහන් කළාය.

පසුගිය වසර හා සැසදීමේ දී මෙවර අනතුරු වල   අඩුවක් දක්නට ලැබෙන බවද එම ප‍්‍රකාශිකාව වැඩිදුරටත් පැවසීය.