
( සමන් පාලිත නානායක්කාර )
කසිප්පු පොවා අධික ලෙස මත් වූ අවුරුදු 8 ක දරුවෙකු අද (22) හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරු කර යැවූ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
හල්දුම්මුල්ල නීඩ්වුඩ් වත්තේ දරුවෙකුට මෙසේ කසිප්පු පොවා ඇතැයි පොලිසිය කියයි .
මෙම දරුවාට බලෙන් කසිප්පු පෙවුවේ යැයි කියන මාමා කෙනෙකු අත්අඩංගුවට ගැනීමට සොයන බවද පොලිසිය කියයි.
දරුවාගේ මව විදේශගතව ඇති බවත් පියා ද බීමට ඇබ්බැහි වූවකු බවට හඳුනාගෙන ඇති බවත් පොලිසිය කියයි.
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් පොලිස් නිලධාරීහු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති

