ලන්ඩන්හිදීය (එන්.ඞී.ටීවි)
වසර 60කට පෙර ඉන්දියාවේ බිහාර්හි පිහිටි නාලන්දා කෞතුකාගාරයේ තිබී සොරා ගන්නා ලද 12 වැනි සියවසට අයත් ලෝකඩ බුද්ධ ප‍්‍රතිමාවක් ලන්ඩනයේ මෙට්‍රෝපොලිටන් පොලිසිය අද (15) නැවත ඉන්දියාවට බාර දීමට පියවර ගත්තේය.
ඉන්දීය නිදහස් දිනය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවයකට සමගාමීව ලන්ඩන් පොලිසිය එම බුද්ධ ප‍්‍රතිමාව නැවත ඉන්දියාවට බාර දීමට පියවර ගෙන තිබිණි.
නාලන්දා කෞතුකාගාරය කේන්ද්‍ර කරගනිමින් තිබෙන ඉන්දියාවේ පුරවිද්‍යා සමීක්ෂණ වැඩබිමේ තිබියදී 1961 වසරේදී රිදී ආලේප කරන ලද ලෝකඩ බුද්ධ ප‍්‍රතිමා 14ක් සොරකම් කරන ලදි. කාලයත් සමඟ ඒවායේ තත්ත්වය වෙනස් කර තිබූ අතර ඇතැම් බුද්ධ ප‍්‍රතිමා වෙන්දේසිවලට ද ඉදිරිපත් කර තිබිණි. එසේ වෙන්දේසියකට ඉදිරිපත් කර තිබියදී මෙම බුද්ධ ප‍්‍රතිමාව සොයාගෙන තිබේ.
මෙම බුද්ධ ප‍්‍රතිමාවේ හිමිකරු සහ එහි ගනුදෙනුකරු යන දෙදෙනාම බුද්ධ ප‍්‍රතිමාව ඉන්දියාවෙන් සොරකම් කරන ලද බුද්ධ ප‍්‍රතිමාවක් දැනගෙන ඇති අතර ඔවුන් ඒ බව පොලිසියට දැනුම් දී තිබේ. ඒ අනුව ලන්ඩන් මෙට්‍රෝ පොලිසියේ කලා සහ පුරාවස්තු ඒකකය, මෙට්‍රෝපොලිටන් පොලිසිය ඇතුළු සියලූ පාර්ශවවල එකඟත්වය සහ සහයෝගයෙන් අනතුරුව ඉන්දියාවට ලබාදීමට තීරණය වී ඇත.
අවුරුදු 60කට කලින් හොරාගත් ලෝකඩ බුදු පිළිමය ඉන්දියාවට යළි බාරදෙයි
Recommended Articles