(කාංචන කුමාර ආරියදාස)
අවුකන රජමහා විහාරස්ථානය මුල් කර ගනිමින් චීන ජාතික භික්ෂුණීන් වහන්සේ නමක් සහ ව්‍යාපාරිකයන් එක්ව අවුකන ප්‍රදේශයේ දහම් පාසල් සිසු සිසුවියන්ට සහ චීන දායකත්වයෙන් පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසලේ සිසු දරු දැරියන්ට අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කළහ.
ඒ අතර අවුකන රජ මහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාග කිරීමද අවුකන පුද බිමේදී එම අවස්ථාවේදී සිදු කෙරිණි.
මීට වසර ගණනාවකට ඉහත දී චීනයේ නැණින් නගරයේ ජීවත්වන භික්ෂුණි ඩාම් හොං අන් ෆු තෙරණිය අවුකන රජමහා විහාරය හි පිහිටි අවුකන පිළිම වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියන් සමග සාකච්ඡා කර පුදබිමේ සහ එම ස්ථානයේ දියුණුකිරීමේ සුවිශාල වූ කාර්යභාරය ඉටු කිරීමට භික්ෂුණින් වහන්ස භාරගෙන තිබේ.
ඒ අනුව මේ වන විට එම භික්ෂුණින් වහන්සගේ සහ චීනයේ නැණින් නගරයේ දායකයන්ගෙන් අවුකන රජ මහා විහාරස්ථ විහාරස්ථානය ආසන්නයේ දේශීය දරුවන් සඳහා ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යනු ලබයි. එහි සියලූ වියදම් දරනු ලබන්නේ මෙම භික්ෂුණින් වහන්සේ බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියන් පැවසූහ.
චීනයේ සිට මෙරටට පැමිණි බෞද්ධ දූත පිරිස අවුකන රජ මහා විහාරස්ථ දායක සභාව විසින් හරසරින් යුතුව පිළිගෙන ඔවුන් විසින් පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසැලේදි දක්ෂතා දැක්වූ සිසු දරු දැරියන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීම චීන බෞද්ධ දූත පිරිස විසින් සිදු කරනු ලැබුහ.
පසුව බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට ප්‍රදේශයේ දහම් පාසල් සිසුන් සඳහා සහ ජාත්‍යන්තර බෞද්ධ පාසලේ අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් වෙත පොත්පත් කට්ටල පාසල් පොත් බෑග් හා පාසල් උපකරණ පරිත්‍යාග කිරීම චීන ජාතික බෞද්ධ දූත පිරිස විසින් සිදු කරනු ලැබූහ.