අවි ගබඩාවේ හිමිකරු සතු තවත් ගොඩනැගිල්ලක් පරීක්ෂාවට


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

හෝමාගම පිටිපන අවි ගබඩාවේ හිමිකරු කුලී පදමන මත ලබා ගෙන තිබූ තවත් තෙමහල් ගොඩනැගිල්ලක් අද (02) පස්වරුවේ සොයා ගත් බව හෝමාගම පොලිසිය කියයි.

එම ගොඩනැගිල්ලේ එක් කොටසක් භූගතව පිහිටා තිබෙන බව පොලිසිය පැවසීය.

එම ගොඩනැගිල්ල මේ වන විට දැඩි සෝදිසියට ලක් කරමින් සිටින බව පොලිස් නිලධාරීයෙක් පැවසීය.