අවාට ගියාට ෆාමසියේ බෙහෙත් දෙන්න බෑ


ඖෂධවේදීයාගේ  පැහැදිලි ඡායාරූපයක්  සහිතව ජාතික විලවුන්  උපකරණ හා ඖෂධ නියාමක අධිකාරිය නිකුත් කළ බල පත්‍රය  ප්‍රදර්ශනය  නොකරන ෆාමසි වලින්  ඖෂධ මිලට ගැනීමෙන්  වළකින ලෙසට  එම අධිකාරියේ  අධ්‍යක්ෂක වෛද්‍ය  හේමන්ත බෙනරගම  මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඊට අමතරව ඡායාරූපයේ  දැක්වෙන් ඖෂධවේදීයා  ෆාමසියේ සිටීමත්  අනිවාර්ය බව ද එම නිසා බලපත්‍රය  ප්‍රදර්ශනය කැර තිබුණත්  එහි දැක්වෙන ඖෂධවේදීයා  එම ස්ථානයේ නොමැති නම් ඖෂධ මිලට ගැනීමෙන්  වැළකිය යුතු බව ද වෛද්‍ය බෙනරගම සඳහන් කළේය.

ෆාමසියට ගොඩවන සෑම  පාරිභෝගිකයකුටම  මැනවින් දැක බලා ගැනීමට හැකි ස්ථානයක බල පත්‍රය ප්‍රදර්ශනය කරන ලෙසට බලපත්‍රලාභි සෑම ෆාමසියකටම අධිකාරිය මගින් දැනුම් දී ඇත.