අවසන් දිනයේත් තන්තිරිමලේ මහ සෙනග


අද තෙවැනි දිනටත් තන්තිරිමලේ ආලෝක පූජාව ලංකාදීප පත‍්‍රයේ අනුග‍්‍රහයෙන් පැවැත්විණි. තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන හිමියන් පැවසූයේ ලංකාදීප පත‍්‍රය ආලෝක පූජාව නවවැනි වරටත් පැවැත්වීමෙන් පන්සලට පමණක් නොව ගමටද ආලෝකයක් ලැබුණු බවයි.  අද ආලෝක පූජාව විවෘත කළේ ලංකාදීප ප‍්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතාය.  අනුරාධපුර අතිරේක දිස්ත‍්‍රික් ලේකම් කේ.බී හෙට්ටිආරච්චි, තන්තිරිමලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චන්දන ජයනාත්, අනුරාධපුර කලාප වාරිමාර්ග ඉංජිනේරු ලලිත් ද අල්විස්, ලංකා බැංකුවේ අනුරාධපුර සහකාර මහ කළමනාකරු එච්.එම්.පී.බී හේරත් මහත්වරුද මෙහි සිටිති. ඊයේ (4) ආලෝක පූජාව විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්‍ෂ සුජාන් විජයවර්ධන සහ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහත්වරු විවෘත කළහ.    පෙරේදා (3) ආලෝක පූජාව විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්‍ෂ ලාල් ජයවර්ධන මහතා විවෘත කළේය. තන්තිරිමල රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන හිමියෝද මෙහි සිටිති.