අවසන් 11 දෙනාගේ සංයුතිය ගැන සිතන්නේ කී‍්‍රඩාංගණයේ තණතීරුව පිරික්සීමෙන් පසුවයි
හම්බන්තොටදී මේ මස 18 වැනිදා ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ අවසන් 11 දෙනාගේ සංයුතිය පිළිබඳව අවසන් තීරණයට එළඹෙන්නේ තරගය පැවැත්වෙන ක‍්‍රීඩාංගණයේ තණතීරුවේ ස්භාවය සහ ප‍්‍රතිවාදී කණ්ඩායම පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පසුව බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක මහේල ජයවර්ධන පැවසීය.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම වෙනුවෙන් අද (10) පස්වරුවේ කොළඹදී ආරම්භ කළ කණ්ඩායම් නායකයන්ගේ පළමු නිල මාධ්‍යහමුවට සහභාගි වෙමින් මහේල මෙසේ ද පැවසීය.
‘‘ලෝක කුසලාන තරගාවලියේදී නායකයා ලෙස කටයුතු කිරීමට ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා. තරුණ මෙන්ම අත්දැකීම් ඇති ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත අපේ කණ්ඩායම හොඳ සූදානමකින් ඉන්නවා. පළමු වටයේ තරග දෙක පිළිබඳවයි දැන් අවධානය යොමු කරන්නේ, අනතුරුව දෙවැනි වටය, අවසන් පූර්ව තරග සහ අවසන් තරග දක්වා සාර්ථකව ඉදිරියට යෑමයි අපේ සැලැස්ම’’
පාකිස්තානු සංචාරය අතරතුරදී ආබාධයට ලක්වීමෙන් මාසයකට අධික කාලයක් විවේක ගැනීමට සිදුවූ කුමාර් සංගක්කාර සති දෙකකට පමණ පෙර පන්දුවට පහරදීම ඇරඹු අතර සංගක්කාරගේ අත ගොඩක් දුරට සුවවී ඇති බවත් ආබාධයකට ලක්ව සිටි නුවන් කුලසේකර මේ වන විට පුහුණුවීම් ආරම්භ කර ඇති බවත් මහේල පැවසීය.
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් සිම්බාබ්වේ පිලට එරෙහිව සූරියවැවදී පැවැත්වෙන පළමු තරගයේ ශ්‍රී ලංකා පිලේ සංයුතිය සහ මහේල ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන්නේ ද යන ප‍්‍රශ්නයට මහේල මෙසේ පිළිතුරු සැපයීය.
‘‘කණ්ඩායමේ සංයුතිය පිළිබඳව අවසන් තීරණයට එන්නේ තණතිරුව සහ කණ්ඩායම පිළිබඳ අවධානය යොමු කිරිමෙන් පසුවයි. සංචිතයේ තුන් ඉරියව් ක‍්‍රීඩකයන් සිටීම නිසා සංයුතිය පිළිබඳව ප‍්‍රශ්නයක් වෙන එකක් නෑ’’

