අවපාත කේන්ද්‍රය මුලතිව් පැත්තේ


ගැඹුරු පීඩන අවපාත කේන්ද්‍රය මුලතිව් ආසන්නයේ පවතින බවත්, අද රාත්‍රී උතුර හරහා ගමන් කිරීමට ඉඩ ඇති බවත් එහෙයින් උතුරු දෙස හා මන්නාරම් බොක්ක ආසන්නයේ මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීට 70ක පමණ තද සුළං ද, මිලිමීටර සියයක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් 12ට නිකුත් කළ කාලගුණ අනාවැකිය කියයි.

උතුරු දෙස මුහුද සහ මන්නාරම් බොක්ක ආශ්‍රිත ඉතා රළු සහ අනතුරුදායක වන අතර වෙරළ ආසන්නව උස් රළ ඇතිවිය හැකි බැවින් වඩාත් සැළකිලිමත් වන ලෙස වෙරළාශ්‍රිත ජනතාවගෙන් ඉල්ලයි.