අවන්හලේ මුදල් අයකැමි යළි රිමාන්ඩ්
කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ කාමරයකදී බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අවහන්හලේ මුදල් අයකැමි ලංකාදේව දිනේෂ් අනුරාධ ද සොයිසා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද නියෝග කෙළේය. රුපියල් ලක්ෂ පහක බැඳුම්කරයක් මත දැරිය මව බාරයට පත් කරන ලෙස ද නියෝග කෙළේය.

