
(යොහාන් භාසුර)
නිෂ්පාදනය දෝෂ හේතුවෙන් ධාවනයේදී වායු බැලූන ක්‍රියාකාරිත්ව අනාරක්‍ෂිත මෝටර් රථ ‘වායු බැලූන’ නැවත සකස් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුධ වීරසිංහ මහතා පවසයි.
අවධානම් මොටර් රථ කාණ්ඩ සහ මාදිලි 47 ක් හදුනාගෙන ඇති බවත් එම අවධානම් කණ්ඩවලට අදාල වාහනවල සමාගම් හරහා එම වාහනවල හිමිකරුවන්ගෙන් යළි කැඳවීමට පියවර ගන්නා බවත් වීරසිංහ මහතා කීය.
අනාරක්‍ෂිත වායු බැලූන සහිත මෝටර් රථ ලක්‍ෂ 7 කට වැඩි සංඛ්‍යාවක් මෙරට ධාවන වන්නේ යැයි හදුනාගෙන ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.
ප්‍රධානතම වාහන සමාගමක් අද (13) දිනයේ ඔවුන්ගේ වාහන කාණ්ඩ කීපයක් නම් කර නොමිලයේ ‘වායු බැලූන’ සකස් කරදෙන බවට පුවත්පත් දැනුවීම් පළකර තිබේ.

